“මහජන බැංකුව අපහසුතාවයට පත් කරන්න එපා” - සේවකයින් පාරට බසී(PHOTOS)

විවිධ ජනමාධ්‍ය ද යොදා ගනිමින් මහජන බැංකුව අපහසුතාවයට පත් කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව පවසමින් එහි වත්මන් සහ විශ්‍රාමික සේවකයින් පිරිසක්...

විවිධ ජනමාධ්‍ය ද යොදා ගනිමින් මහජන බැංකුව අපහසුතාවයට පත් කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව පවසමින් එහි වත්මන් සහ විශ්‍රාමික සේවකයින් පිරිසක් ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීයි.

එම උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහජන බැංකුවේ සේවකයෙක් සඳහන් කළේ“ජනතාවට පිහිට වෙමින් එදා ඉඳලා මහජන බැංකුව ආපු ගමනේ විවිධ බාධක තිබුණා. අපි ඒ කාලේ බැංකුව පරිගණක ගත කරන්න ගියාම එහෙම කරන්න හොඳ නෑ කිව්වා.. ATM යන්ත්‍ර සවි කරනකොට ඒවා දුප්පත් මිනිහට බෑ කියලා අසාර්ථක කරන්න හැදුවා.. දැන් වෙනත් සියලුම බැංකු ඩිජිටල්කරණය වෙලා. ඒක කරනකොට ඒකටත් බාධා කරමින් බැංකුව පහළ හෙළන්න ක්‍රියා කරනවා.” යනුවෙනි.

ඩිජිටල්කරණයේදී මහජන බැංකුවේ අක‍්‍රමිකතා සිදුවූ බවට ඉදිරිපත් වන චෝදනා සත්‍යයෙන් තොර බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ සඳහා මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය, වෘත්තිය සමිති සහ විශ්‍රාමික සමාජික සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6762779947763207516

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item