දුම්කොළ බදු වැඩිකිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
දුම්කොළ බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (14) දින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි. රාජිත සේනාර...

https://www.sathhanda.com/2016/09/blog-post_135.html
දුම්කොළ බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (14) දින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.
රාජිත සේනාරත්නගේ අදහසකට අනුව ඉදිරිපත් කළ දුම්කොළ බදු වැඩිකිරීම සම්බන්ධ යෝජනාව වෙනුවෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජිකයන් වන රංජිත් සියඹලාපිටිය, මලික් සමරවික්‍රම සහ සරත් අමුණුගම යන අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක විසින්ද මෙහිදී අදහස් දක්වන ලදී.
මෙහිදී දුම්කොළ බදු පැනවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර බදු පැනවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබීය. මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක්ද සහභාගී වූ මෙම සාකච්ඡාවේදී දුම්කොළ බදු වැඩිකිරීම සම්බන්ධයෙන් එළඹුණු එකගතාවයන් පිළිබදවඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Related