වහා ඉවත්වනු! - වෛද්‍යවරුන්ට උසාවි නියෝගයක්
අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී සිටින වෛද්‍යවරුන් සියලුදෙනා එම පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝ...

https://www.sathhanda.com/2016/09/blog-post_282.html
අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී සිටින වෛද්‍යවරුන් සියලුදෙනා එම පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
සිය ළමුන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි කියමින් වෛද්‍යවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවිය.
ඔවුන් ඊයේ රාත්‍රීයේද එහි රැය පහන් කර ඇති බව වාර්තා වේ.
එසේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ බලහත්කාරයෙන් රැඳී සිටින සියලූ වෛද්‍යවරුන් වහාම එම ස්ථානයෙන් ඉවත්විය යුතු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.
Related