වාසු - විග්නේෂ්වරන් කුමන්ත්‍රණ කරනවා - නලින් බණ්ඩාරගේ යහපාලන සුස්තරේ

V2 + U = 0 ලෙස ජාතිවාදය අවුලන පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුන්වාදිය හැකි බව එජාප පා.ම නලීන් බණ්ඩාර අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුව...

V2 + U = 0 ලෙස ජාතිවාදය අවුලන පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුන්වාදිය හැකි බව එජාප පා.ම නලීන් බණ්ඩාර අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

V යනු විග්නේෂ්වරන් හා වාසුදේව බවත්, U යනු උදය ගම්මන්පිල බවත්, පැවසූ ඒ මහතා මොවුන්ගේ එකතුව ඒ අනූව 0 ලෙස සැලකිය හැකි බවත්, එහිදී පෙන්වාදුන්නේය.

විග්නේෂ්වරන්ගේ ජාතිවාදි ප්‍රකාශ එජාපය තරයේ හෙළාදකින බවත්, විග්නේෂ්වරන් යනු වාසුදේවගේ මස්සිනා බවත් කියා සිටි ඒ මහතා උතුරේ මහඇමති වී කොළඹ සිටින විග්නේෂ්වරන් රෑට රෑට වාසුදේව සමග කෝපි බොමින් ජාතිවාදි කුමන්ත්‍රණ සිදුකරන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

මොවුන් දෙන්නා එක්ව උතුරේ හා දකුණේ ජාතිවාදය අවුලවන්නට කුමන්ත්‍රණ කරන්නේ යැයි ද ඒකාබද්ධ විපක්ෂයේ කල්ලියටද ජාතිවාදයෙන් තොර ගොඩ ඒමක් නැති බව ද හෙතෙම පැවසීය.

එසේම වත්මන් රජය කිසිවකු ඉදිරියේ දණ නොනමන බවත් ඕනෑම අයෙකුට සවන්දීමට සූදානම් බවත් පැවසූ හෙතෙම තරවටු කිරීමෙන් හෝ බයකිරීමෙන් ඉල්ලීම් දිනාගැනීමට හැකියාවක් නොමැති බවද කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7372168356034181659

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item