ආණ්ඩුවට බදු මේනියාවක් තියෙනවා - යහපාලනය වෙනුවෙන් උරදුන් බස් හිමියෙක් කියයි

මුදල් අමාත්‍යංශය ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභා...

මුදල් අමාත්‍යංශය ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මේවන විට දිවයිනපුරා පෞද්ගලික බස් 20,000ක් පමණ ධාවනය කරන බවත්, ලංගම විසින් ධාවනය කරන්නේ බස් 5000ක් පමණක් බවත්, පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු හෙතෙම එහිදී කියා සිටියේය.

එසේම ලංගමට මහභාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 1ක් දෙනවිට පෞද්ගලික බස් සේවාවට කිසිදු මුදලක් නොදී තව තවත් බදු ගැසීම අසාධාරණ බවත්, මේ නිසා මානව හිමිකම් කොමිසමෙන් මෙම අසාධාරණයට එරෙහිව සාධාරණයක් බලාපොරොත්තු වන බවත්, හෙතෙම එහිදී පැවසීය.

පෞද්ගලික බස් සේවාවෙන් රජයට විශාල මුදලක් දෙමින් තිබියදී මෙලෙස බදු පැනවීම අසාධාරණ බවත්, ආණ්ඩුවට ඇත්තේ බදු මේනියාවක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1893358388178748420

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item