රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයට සුරාබදු-දේශීය ආදායම් එක්වෙයි

රේගු නිලධාරීන් ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ගයට සහය පළ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග වාප්පු...

රේගු නිලධාරීන් ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ගයට සහය පළ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග වාප්පු නිලධාරීන්ද එක්වීමට තීරණය කර තිබෙන බව රේගු වෘත්තිය සමිති සන්ධානය පවසයි. මේ මොහොතේ රේගු දෙපාර්තමේන්තුවට අත්ව තිබෙන ඉරණම එම ක්ෂේත්‍රයන්ටද බලපා ඇති හෙයින් එම දෙපාර්තමේන්තුවල වෘත්තිය සමිති රැස්ව වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයක් පිහිටුවා ගත් බවත්, එම සන්ධානය ඒකාබද්ධව අද (23) දහවල් කොළඹදී විරෝධතා උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ද රේගු වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරමින්, සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ‍ලේකම් ජේ.ඒ. ගුණතිලක පැවැසීය.

රේගු ආඥා පනත අහෝසි කර කිසියම් පිරිසකට වාසි සැලසෙන නව පනතක් ගෙන ඒමටත්, දේශීය ආදායම් පනත අහෝසිකර බදු අය කිරීම පෞද්ගලික අංශයට පැවැරෙන පරිදි නව පනත් දෙකක් සකස් කිරීමටත්, සුරාබදු දෙපාර්තමේන්තුවට අත්තනෝමතිකව සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීම හා දෙපාර්තමේන්තුවට පිටින් ඇමැතිවරයා යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීමටත් විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය ‍ලේක්හවුස් වටරවුමේදී දහවල් 12.00ට පවත්වන බවද  කීය.

රේගු දෙපාර්තමේන්තුවේ රේගු නිලධාරීන් එක් දවසකට පමණක් රජයේ ආදායමට රුපියල් බිලියන 2 කට වැඩි ප්‍රමාණයක් එකතු කර දෙන බවත්, එම රේගු නිලධාරීන් මේ වන විට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා එසේ එකතුවන ආදයම අඩු වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ආනයන අංශයේ (දිගු කාමරයේ) ෙදෙනික ආදායම සාමන්‍යයෙන් රුපියල් බිලියන 1.5 - බිලියන 2 අතර තිබුණද , රේගු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කළ දිනයේදී රජයට එකතු වී ඇති ආදායම රුපියල් මිලියන 362 දක්වා අඩුවී තිබෙන බවත්, 19 වෙනිදා එය රුපියල් බිලියන 1.5, සහ 20 වෙනිදා රුපියල් බිලියන 1.06 බවත් එසේම පෙරේදා (21) එකතු වී ඇති ආදායම රුපියල් මිලියන 948ක් දක්වා අඩුව ඇතැයි ද කීය.

මෙම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය නිසා රජයට මෙන්ම ව්‍යාපාරිකයන්ට, ආනයනකරුවන්ට, ලොරි රියැදුරන්ට, වාප්පු නිලධාරීන්ට ඇතුළු සෙසු සියලු අයට සිදුවන අපහසුතාවන් ගැන වගකීම මෙම සාධාරණ ගැටලුව විසඳීමට මැදිහත් නොවන මුදල් ඇමැතිවරයා ඇතුළු බලධාරීන් බාර ගත යුතු යැයි ද පැවැසීය.

මාස 3 කට ආසන්න කාලයක් පුරා මුදල් ඇමැතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඔහු මේ දක්වා එම සාකච්ඡාව ලබාදී නැතැයි ද චෝදනා කර සිටින ඒ මහතා රටේ දේශ සීමාව ආරක්ෂා වන නීතිය රේගු ආඥා පනත බවත් එය මුළුමනින්ම ඉවත්කර කිසියම් පිරිසකට වාසි වන ආකාරයට අලුතින් රේගු පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ද කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8213550021202220574

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item