ප්‍රවේසමෙන් - ගොවීන් රවටා අස්වැන්න කොල්ලකන සංවිධානාත්මක කල්ලියක් රට පුරා!

රටේ නමගිය වෙළඳ ආයතනයක නියෝජිතයන් බව පවසා මෝටර් රථවලින් ගොවි බිම්වලට ගොස් ගොවින් සමග හිතවත් කමක් ගොඩනගාගෙන ගොවි නිෂ්පාදනවලට ඉහළ මිලක් තක්සේර...

රටේ නමගිය වෙළඳ ආයතනයක නියෝජිතයන් බව පවසා මෝටර් රථවලින් ගොවි බිම්වලට ගොස් ගොවින් සමග හිතවත් කමක් ගොඩනගාගෙන ගොවි නිෂ්පාදනවලට ඉහළ මිලක් තක්සේරු කොට ලොරි රථ ගොවිපළටම රැගෙනවිත් අස්වැන්න පටවාගෙන ගොස් ගොවීන්ට මුදල් නොදී මගහැර සිටින සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල රට පුරා සැරිසරමින් සිටින බව වාර්තා වේ.

මේ කණ්ඩායම මේ දිනවල දඹුල්ල, නුවරඑළිය, පුත්තලම, අනුරාධපුර, වව්නියාව, පොළොන්නරුව හා කුරුණෑගල යන දිස්ත්‍රීක්කවල සැරිසරමින් ලොකු ලූනූ, අල, රතු ලූනූ හා කරවල නිෂ්පාදන,ලබාගැනීම සිදුකරන බව අනාවරණය විය.

මේ වනවිට දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනූ ගොවීහූ රැසක් තම අස්වැන්න මේ පිරිසට ලබාදී අසරණ වී සිටිති. මෙම කණ්ඩායම මෝටර් රථවලින් ගොවිබිමට හා ලූනූ ගබඩාවලට පැමිණ රටේ නම ගිය වෙළඳ ආයතනයක නම කියා හැඳුනුම්පතක් පෙන්වා ගොවින් රවටන අතර ලූනූ සඳහා රු 85ක මිලක් දෙන බව කියති.

ගනුදෙනුව කතාකොට ලොරියක් එවන බවත් එම ලොරියේ එක ගොවියෙක් හෝ දෙන්නෙක් මුදල් රැගෙන යාමට කොළඹට එන ලෙස දන්වා ඔහු පිටත්ව යයි.ලොරි ය හා පිරිස කොළබට ළඟාවෙද්දී ගොවින් බස්සවා ගන්නා ජාවාරම්කරු මෝටර් රථයට නග්ගවාගෙන කොළඹ අතරමං කර දමනුයේ අගරු චෙක් පතක් අතට දීමෙනි.
මේ පිළිබඳව සොයා බැලීමේදී එම ලොරි රථද කුලියට ගෙනවිත් ඔවුන්ටද කුලී නොදී ඇති බව පැවසේ. ඔවුන් රැගෙන එන ගොවි නිෂ්පාදන කොළඹ තොග වෙළඳසැල් කීපයකට අත්පිට මුදලට අලෙවි කර ඇත.

එම වෙළෙන්දන් කියා සිටින්නේ කාලයක සිට එම පුද්ගලයා විවිධ එළවළු මේ ආකාරයෙන් අලෙවි කරන බවය. එමෙන්ම බඩු ලබාදෙන බව පවසා එම වෙළඳසැල්වලින් සිය බැංකුවට මුදල් ගෙන්නාගෙන නොදී මගහැර යන බවද කියති.

මෙසේ අසාධාරණයට ලක් වන ගොවින් පොලිසි කීපයක පැමිණිලි කර ඇතත් ජාවාරම්කරුගේ දුරකථනයට කතාකොට මුදල් ලබාදෙන්නයි අවවාද කොට පැමිණිල්ල අවසන් කරන බවත් ඇතැම් පොලිසි එම පැමිණිලි භාර නොගන්නා බවත් පැවසේ.

මෙම සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීමට හා සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් සාධක රැසක් ඇත. එහෙත් ජාවාරම්කරුවන් නිදැල්ලේ ඉතා ජයට ගොවීන් රවටා ජාවාරම සිදුකරගෙන යමින් සිටියි.


ඡායා රූ - කාංචන කුමාර ආරියදාස



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7646465265421355513

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item