ශ්‍රී ලංකාව ලෝකෙටම ආදර්ශයක් - ඔබාමා ජනාධිපති මෛත්‍රීට කියලා

ශ්‍රී ලංකාවේ දැනට සිදුවන පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා. එබැවින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මග වෙනුවෙන් ලබ...

ශ්‍රී ලංකාවේ දැනට සිදුවන පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා. එබැවින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහනයක්ම ලබාදීමට සුදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද ලෝක රාජ්‍ය නායකයන් පැහැදීමෙන් සිටින බව නිව්යෝර්ක් නුවරදී මාධ්‍ය අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5806623130991804905

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item