ශ්‍රී ලංකාව පැරාලිම්පික් තරගාවලියේ පළමු පදක්කම හිමිකර ගනී
2016 රියෝ පැරාලිම්පික් තරගාවලියේ පළමු පදක්කම හිමිකර ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට දිනේෂ් ප්‍රියන්ත ඊයේ සමත් විය. ඒ එෆ්-46 කාණ්ඩයේ ...

https://www.sathhanda.com/2016/09/blog-post_623.html
2016 රියෝ පැරාලිම්පික් තරගාවලියේ පළමු පදක්කම හිමිකර ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට දිනේෂ් ප්‍රියන්ත ඊයේ සමත් විය. ඒ එෆ්-46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.
එම තරගයේදී ඔහු වාර්තා කළ දුර මීටර් 58.23 කි.
මෙම තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාවේ දේවේන්ද්‍ර සමත් වූ අතර ඒ ලෝක වාර්තාවක් ද සමගිනි. ඔහු වාර්තා කළ දුර මීටර් 63.97 කි. රිදී පදක්කම චීනයේ ගුවෝ චින්ලියාන් දිනා ගත්තේ මීටර් 59.93 ක දුරක් වාර්තා කරමිනි.
මෙම තරගයට සහභාගි වූ සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන ගාමිණී ඒකනායක මීටර් 48.84 ක දුරක් වාර්තා කළ අතර ඔහු 09 වැනි ස්ථානයට පත්විය.
මේ වනවිට සමස්ත පදක්කම් සටහනට අනුව ඉදිරියෙන් සිටින්නේ චීනයයි. ඔවුන් රන් පදක්කම් 63 ක් සමග සමස්ත පදක්කම් 147 ක් දිනාගෙන සිටී. බ්‍රිතාන්‍යය රන් පදක්කම් 34 ක් සමගින් දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර යුක්රේනය රන් පදක්කම් 27 ක් දිනා ගනිමින් තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. රියෝ ඔලිම්පික් උළෙලේ පළමු ස්ථානයට පත්වූ ඇමරිකාව පැරාලිම්පික් උළෙලේ සිව්වන ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් මේ වනවිට දිනාගෙන ඇති රන් පදක්කම් ප්‍රමාණය 21 කි.
Related