අයවැයෙන් පසු අලුත් කැබිනට්ටුවක්
කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඉදිරි සති කිහිපය තුළදී පැවැත්වෙනු ඇ...

https://www.sathhanda.com/2016/09/blog-post_646.html
කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඉදිරි සති කිහිපය තුළදී පැවැත්වෙනු ඇති බවත් එහිදී කැබිනට් සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සංශෝධනය සිදුවනු ඇත. මේ වන විට ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි සිදු නොවන බවත්, ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳ විවේචන එල්ල වී තිබෙන බවත් සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
එමෙන්ම අමාත්‍යාංශ සඳහා විෂය පථය වෙන් කිරීම පිළිබඳ ගැටලු පවතින බවද සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. ඒ අනුව කැබිනට් සංශෝධනය පිළිබඳ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමටද ජනාධිපතිවරයා එකඟවී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයෙන් පසුව මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
Related