අනියම් බිරිඳගේ බාලවයස්‌ දියණිය අඹුකමට තබාගෙන සිටි සැකකරු රිමාන්ඩ්

අනියම් බිරිඳගේ පහළොස්‌ හැවිරිදි බාලවයස්‌ දියණියට අතවර කළ පුද්ගලයා ලබන 26 වැනිදා දක්‌වා දින 13 ක්‌ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස ...

අනියම් බිරිඳගේ පහළොස්‌ හැවිරිදි බාලවයස්‌ දියණියට අතවර කළ පුද්ගලයා ලබන 26 වැනිදා දක්‌වා දින 13 ක්‌ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අයි. එම්. එස්‌. බී. ඉලංගසිංහ මහතා 13 වැනිදා නියෝග කළේය.

දූෂණයට ලක්‌වූ දැරිය ඇගේ මිත්තණිය වෙත භාර දෙන ලෙසත් නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළේ එප්පාවල ඉහළහල්මිල්ලෑව පදිංචි එස්‌. දසනායක 38 නමැත්තෙකුය. වයස අවුරුදු 34 ක්‌වූ කාන්තාවකගේ අනියම් පුරුෂයා කාන්තාව සමග අමනාප වී ඇගේ දියණිය සමගද අනියම් සම්බන්ධකම් පවත්වා පාසල් යමින් සිටියදී මෙම දියණිය සමඟ මෙම සැකකරු රහසිගතව කොළඹ ප්‍රදේශයට ගොස්‌ අඹු සැමියන් වශයෙන් ජීවත් වී තිබේ.

තම බාලවයස්‌කාර දියණිය තම නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇගේ මව 2016 ජුලි 18 වැනි දින තඹුත්තේගම පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව ක්‍රියාත්මක වූ තඹුත්තේගම පොලිසියට ලැබුන ආරංචියක්‌ අනුව මෙම සැකකරු සහ බාල වයස්‌කාර දැරිය අත්අඩංගුවට ගෙන දැරිය අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත්කොට පරික්‍ෂා කිරීමෙන් පසුව දැරිය දූෂණය වී ඇති බව දැන එම වාර්තාව සමග අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2551243222651928086

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item