එක්නැලිගොඩ නඩුවේ හතරකට ඇප
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව මසක් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සිව්දෙනෙක් එක් අයකුට ...

https://www.sathhanda.com/2016/09/blog-post_810.html
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව මසක් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සිව්දෙනෙක් එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න අද (19) නියෝග කළේය.
එමෙන්ම ඇප ලබාදුන් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් හා සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.
ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ ඇප ලැබූවෝ වෙති.
Related