FCID එක් නිලධාරියෙකුගෙන් කෝටි 10 බැගින් ඉල්ලා නාමල් නඩු දමයි

නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයද නොමග යවමින් තමන් බන්ධනාගාරගත කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ස විසින් පොලිස් මු...

නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයද නොමග යවමින් තමන් බන්ධනාගාරගත කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ස විසින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව වන්දි ගෙවන්නැයි එන්තරාවාසි යවා තිබේ.

රගර් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රිෂ් සමාගම විසින් දුන් මුදල් ඒ සදහා වියදම් කල බවට තහවුරු කර තිබියදී අධිකරණය පවා නොමග යවමින් තමන් සිර කිරීමට එරෙහිව මෙම වන්දි මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එම එන්තරාවාසියෙන් මන්ත‍්‍රීවරයා දන්වා ඇත.

එසේම එකම නඩු නිමිත්තකට තමන් දෙවරක් අත්අඩංගුවට ගෙන අධිකරණ දෙකක් හරහා දෙවතාවක් රිමානඞ් කිරීමට එරෙහිවද නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා විසින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ එක් නිලධාරියෙකුගෙන් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8457467514653731784

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item