FCIDය අද ප්‍රචාරක මාධ්‍යයක් වෙලා - මහින්ද රාජපක්‍ෂ
පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අද ප්‍රචාරක මාධ්‍යයක් බවට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. රිමාන්ඩ් භාරයේ පසුවන...

https://www.sathhanda.com/2016/09/fcid_17.html
පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අද ප්‍රචාරක මාධ්‍යයක් බවට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ සොහොයුරු චානුක රත්වත්තේගේ සුවදුක් විමසීම සඳහා (15 වැනිදා) මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි අවස්‌ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්‌වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
එෆ්අයිසීඩිය කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්. ඔවුන් කරන එකම දේ විපක්‍ෂයේ අයට හිරිහැර කිරීමයි. වෙන අය කළේ වංචා. ඇත්තටම වංචා කළ කොච්චර ඉන්නවද. අධ්‍යක්‍ෂවරුන්, සභාපතිවරුන් ඉන්නවා. නමුත් චානුක වංචා කළා කියලා ලොකුවට දාලා. මේ ක්‍රමවේදය තමයි ආණ්‌ඩුව දිගින් දිගටම පාවිච්චි කරන්නේ.
ආණ්‌ඩු බලය භාවිත කරමින් මේවා කරන්නේ. ජනතාව කවදාහරි උත්තර දෙයි. ජනතාව මේවා විශ්වාස කරන්නේ නැහැ. දේශපාලන වුවමනා. පළිගැනීම කවදාද නතර කරන්නේ.
Related