නැගණිය මළ සොවින් පෙම්වතාව මරා දාලා

අම්බලන්ගොඩ දුම්රියපොළ ආසන්නයේදී තරුණියක දුම්රියට පැන සියදිවි නසාගැනීමෙන් පසු පෙම්වතා දියේ ගිළී මියගිය බව පැවසුවද ඔහුගේ මරණය ඝාතනයක් බව ...

අම්බලන්ගොඩ දුම්රියපොළ ආසන්නයේදී තරුණියක දුම්රියට පැන සියදිවි නසාගැනීමෙන් පසු පෙම්වතා දියේ ගිළී මියගිය බව පැවසුවද ඔහුගේ මරණය ඝාතනයක් බව මේ වන විට පොලීසිය තහවුරු කරගෙන ති‍බේ.

එම ඝාතනය සිදුකිරීමේ චෝදනාව මත දුම්රියට පැන සිය දිවිනසාගත් තරුණියගේ සහෝදරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ දුම්රියපොළ ආසන්නයේදී පසුගිය ජූලි මස 23 වනදා පාසල් සිසුවියක දුම්රියට පැන ජීවිතක්ෂයට පත් වීමෙන් පසුව ඇගේ පෙම්වතා එම ස්ථානයේ සිට දිවගොස් පාළු ළිඳකට පැන මියගොස් සිටියදී මළ සිරුර සොයා ගනු ලැබීය.

මෙම සිද්ධිය ඇසින් දුටු මිය ගිය තරුණියගේ සහෝදරයා පළමුව තම නැගණියව පෙම්වතා විසින් දුම්රියට තල්ලු කළ බව පැසුවද පසුව ඇය දුම්රියට පැන සිය දිවි නසාගත් බව සඳහන් කළේය.

කෙසේ වෙතත් දියේ ගිළී මිය ගිය පෙම්වතාගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙය සිය දිවි නසාගැනීමක් නොවන බවයි.

අනතුරුව සිදු කළ පොලිස් පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සිසුවියගේ සහොදරයා පසුගිය දා රඹුක්න ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරු විසින් අදාළ තරුණයා ඝාතනය කළ ආකාරය පොලීසියට පාපොච්ඡාරණය කර තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සිය නැගණිය දුම්රියට ගැටීමෙන් අනතුරුව ඇයගේ පෙම්වතා දිවගොස් බටපොළ ප්‍රදේශයට ගමන් ගන්නා බසයක නැග යන ආකාරයයි.

අනතුරුව සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී බලපිටිය දුම්රිය ස්ථානය අසළට තවත් මිතුරෙකු සමඟ ත්‍රී රෝද රථයකින් පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

පසුව පෙම්වතා ගමන්ගත් බස්රථය පසුපස හඹාගිය ඔවුන් තිලකපුර ප්‍රදේශයේදී ඔහුව ඉන් බස්සවාගෙන පහර දී පාළු ලිඳක් අසළට ගෙන ගොස් මිය යනතුරු දියේ ගිල්වා මරණයට පත්කර සිරුර ළිඳට දමා ගිය බව පිළිගෙන තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ඝාතනයට අදාළ අනෙක් සැකකරුවන් දෙදෙනා සහ ත්‍රී රෝද රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මීටියාගොඩ පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝම්බර් මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කිරීමට නියෝග කෙරුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4129538969631849105

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item