පොලිස් ලොක්කාගේ කොණ්ඩය කැපීමට ප්‍රමාද වුණාට කරණවෑමියාට ප්‍රහාරයක්

හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් කරණවෑමියෙකු රෝහල් ගත වී තිබේ. හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා...

හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් කරණවෑමියෙකු රෝහල් ගත වී තිබේ.

හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ කොණ්ඩය කැපීමට පොලිසියට පැමිණෙන ලෙස කරණවෑමියාට කළ දැනුම් දීමකට අනුව ඔහුට නියමිත වේලාවට පොලිසියට යාමට නොහැකි වීම නිසා තමන්ට පහර දුන් බව එම පුද්ගලයා පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ කරණවෑමියා දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම තත්ත්වයමතයකට පත් කරන ලෙස මුදල් ලබා දී තමන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරන බව ඔහු කියයි.

මේ අතර එම කරණවෑමියාට පොලීසිය සිදුකළ පහරදීමට වි‍රෝධය පළ කරමින් හැටන් ප්‍රදේශයේ කරණවෑමින් හා වෙළඳ ව්‍යාපරිකයින් පිරිසක් අද විරෝධතාවයක ද නිරත විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 885592327489479982

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item