වැට් සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක වීම වැදගත් – IMF අවධාරණය කරයි (VIDEO)

දුෂ්කර වාතාවරණයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාවට නංවා, ජූනි මාසය අවසන් වන විට සපුරාලිය යුතු...

දුෂ්කර වාතාවරණයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාවට නංවා, ජූනි මාසය අවසන් වන විට සපුරාලිය යුතු සියලු කාර්යසාධන මට්ටම් සපුරාලීම පිළිබඳව තම ප්‍රශංසාව හිමි වන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමේ ප්‍රධානී Jaewoo Lee මහතා පැවසීය. අද (23) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. අවුරුදු තුනක කාල පරාසයක් පුරා දිවෙන විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ආර්ථික වැඩසටහනෙහි පළමු සමාලෝචනය සඳහා Jaewoo Lee මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් 13 සිට 23 දක්වා කාලය තුළ මෙරටට පැමිණි අතර සිය සංචාරය අවසාන කරමින් අද දිනයේ දී ඔවුන් මාධ්‍ය හමුවකට එක්විය.

මෙහිදී අදහස් දක්වමින් Jaewoo Lee මහතා මෙසේ පැවසීය.

“මෙහිදී බදු සංස්කරණ පැකේජය තවදුරටත් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒ අනුව 2016 හා 2017 සඳහා වන ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා උපකාරී වන එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන ක්‍රියාත්මක කිරීමේ නෛතික ක්‍රියාවලිය රජය විසින් කඩ්නම් කිරීම වැදගත් වේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට අඩු මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ බදු ආදායම් ඉහළ නැංවීම සඳහා මැනවින් සකස් කරන ලද ඉහළ ගුණාත්මකභාවයකින් යුතු බදු ප්‍රතිපත්තියක් ආධාරයෙන් 2017 වසරේ අයවැය සකස් කළ යුතුව ඇත.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Jaewoo Lee මහතා, “වඩා පහසුවෙන් පුරෝකථනය කළ හැකි, කාර්යක්ෂම හා සාධාරණ ව්‍යූහයක් බවට බදු ක්‍රමය නැවත පරිවර්තනය කිරීම සහ රටේ අපේක්ෂිත සමාජයීය හා සංවර්ධන අභිමතාර්ථ සපුරා ගැනීමට උපකාරී වන අවශ්‍ය සම්පත් උත්පාදනය කර ගැනීම සඳහා නව දේශීය ආදායම් පනත හා සම්බන්ධ නෛතික ක්‍රියාවලිය ආරම්භ කිරීම වැදගත් පියවරක් වනු ඇත“, යි යනුවෙන් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5387365090629162172

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item