‘දෙමළ නැගිටීම’ රැලියට TNA සහභාගී වුනා. TNA නායකයින් කියන්නේ බොරු

‘දෙමළ නැගිටීම’ හෙවත් ‘එළුoග තමිල් ‘ නමින් යාපනයේ පසුගියදා පැවති හර්තාල්යට දෙමළ ජාතික සoධානය හෙවත් ටිඑන් ඒ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වු බ...

‘දෙමළ නැගිටීම’ හෙවත් ‘එළුoග තමිල් ‘ නමින් යාපනයේ පසුගියදා පැවති හර්තාල්යට දෙමළ ජාතික සoධානය හෙවත් ටිඑන් ඒ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වු බැව් උතුරු පලාගිය සභාවේ සභාපති සි.වි.කේ. සිවඥානම් පැවසීය.

දෙමළ ජනතා සoසදය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් පවත්වන ලද ‘නැගිටමු දෙමළ’ විරෝධතා රැලියට දෙමළ ජාතික සoධානය හෙවත් ටිඑන් ඒ නියෝජිතයන් සහභාගි නොවු බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් ඔහු වැඩි දුරටටත් ප්‍රකාශ කරන ලදි.

දෙමළ ජාතික සoධානය හෙවත් ටී එන් ඒ සභාපති වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර් සම්බන්ධන් වන අතර එහි නියොජ්‍ය නායකය වනුයේ වර්තමාන ශ්‍රීලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී පී සුමන්තිරන්ය.

දෙමළ භාෂාව කතා කරන බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර ජනතාවට ස්වයං පාලන අයිතිය හිමිවීම කාලීන අවස්ථාවක් බවත් මේ රටේ සිoහල ජනතාව වටහා ගනිමින් ඊට එකඟතාවය පලකල යුතු බවත් උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් උතුරු නැගෙනහිර එකාබද්ධ කරමින් ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති කල යුතු බවත්, ‘වසර 2000කට පෙර සිටම උතුරු නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාව වාසය කර තිබෙනවා.එවිට මෙරටේ සිoහල ජනතාවක් සිටියේ නැහ මේ රටට සිoහල භාෂාව පැමිණියේ ක්‍රී.පු. හයවන සියවසින් පසුවයි’ උතුරු මහ ඇමති සී විග්නේෂ්වරන් එම විරෝධතා රැලිය අමතමින් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8844963989131398904

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item