නිව්යෝක් නුවර පිපිරීමක් [VIDEO]
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ පිපිරීමකින් විසිපස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් පුවත් වාර්තා කළේ පිපිරීම සිදු වූ ස්ථානයට ගිනි නි...
https://www.sathhanda.com/2016/09/video_18.html
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ පිපිරීමකින් විසිපස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා කළේ පිපිරීම සිදු වූ ස්ථානයට ගිනි නිවීම් රථ සහ ගිලන් රථ යොමු කර ඇති බවයි. ග්‍රිනීච් වේලාවෙන් අද (18) අලුයම 01.00 ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.
තුවලා ලැබූවන් රෝහල් කරා යොමු කිරීම මේ වනවිටත් සිදු කෙරෙනවා. පිපිරීමත් සමග අධික ශබ්දයක් නිකුත් වූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් බී බී සී ලෝක සේවය සඳහන් කළේ. අමෙරිකානු බුද්ධි අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
— Avidor.Law (@JonAvidor) September 18, 2016


Related