2017 වසරට අධ්‍යාපන වියදම් 41%ක් කපලා

අය-වැයෙන් අධ්‍යාපනයට 6‍% ක් වෙන් කරන බව පැවසූ ආණ්ඩුව අධ්‍යාපනයට මෙවර වෙන්කර ඇත්තේ පසුගිය අය-වැයට වඩා අඩු මදලක් බව ගම්පහ දිස්ත‍්‍රික් පාර්...

අය-වැයෙන් අධ්‍යාපනයට 6‍% ක් වෙන් කරන බව පැවසූ ආණ්ඩුව අධ්‍යාපනයට මෙවර වෙන්කර ඇත්තේ පසුගිය අය-වැයට වඩා අඩු මදලක් බව ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ පසුගිය වසරේ අද්‍යාපනයට වෙන්කර තිබූ මුදලට වඩා 41% අඩුවෙන් මෙවර අය වැයෙන් ප‍්‍රතිපාදන වෙන්කර ඇති බවයි. නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කරන බවට පම්පෝරි ගැසූ යහපාලන ආණ්ඩුව අධ්‍යාපනය සදහා වෙන්කල මුදල් මෙලෙස කපා හරින්නේ නිදහස් අධ්‍යාපනය වල පල්ලට යැවීම සදහායැයි රණතුංග මහතා චෝදනා කරයි.

අධ්‍යාපනයට වෙන්කල මුදල් මෙලෙස අඩුකිරීම සම්බන්ධව ඒකාබද්ධ විපක්‍ෂය දැඩි විරෝධය පල කරන බව පෙන්වා දෙන රණතුංග මහතා අවධාරණය කරන්නේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් දරුවන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමේ ආණ්ඩුවේ උප්පරවැට්ටියක් බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192ක් ලබා ගනිමින් ගම්පහ ද්ස්ත‍්‍රික්කයේ පළමුවෙනියා බිහි කල මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ ශිෂ්‍යත්ව සමතුන් සහ ගුරු මහත්ම මහත්මීන් ඇගයීම වෙනුවෙන් මිනුවන්ගොඩදී පැවති උත්සවයකදී රණතුංග මහතා මේ බව සදහන් කලේය. මිනුවන්ගොඩ සති පොල පරිශ‍්‍රයේදී රැස්වීම පැවැත්වුණි.

ප‍්‍රසන්න රණතුංග මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් පළමුවරට ශිෂ්‍යත්ව විභාගයකට පෙනී සිටියේ මේ වසරේදීයි. එහිදී දරුවන් 73 දෙනෙකු ශිෂ්‍යත්වය සමත්වී තිබේ. ලකුණු 192 ක් ලබා ගත් යොනාල් මින්සද ශිෂ්‍යයා දිස්ත‍්‍රික්කයේ පළමුවැනියා ලෙසත් ලකුණු 191 ක් ලබා ගත් චිරාත් දිමුත් කරුණාරත්න දිස්ත‍්‍රික්කයේ හතර වැනියා ලෙසත් ලකුණු 190ක් ලබා ගත් අමෙන්ඩා පෙරේරා දිස්ත‍්‍රික්කයේ 08 වෙනියා ලෙසත්, මෙවර ශිෂ්‍යත්වය සමත්ව තිබේ. උත්සවය සංවිධානය කර තිබුණේ මෙම දරුවන් ගුරු මහත්ම මහත්මීන් සහ නිර්මාතෘවරයා ඇගයීම සදහායි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මෙසේද කීවේය.

‘මේ පාසල ආරම්භ කෙරුනේ කොළඹ සම්පත් ගමට ගෙනඒමේ සංකල්පය අනුවයි. මගේ පියා වන රෙජී රණතුංග මැතිතුමා මට හැමදාමත් කියපු දෙයක් තමයි කොළඹ පාසල් වල තියන දියුණුවට සමාන පාසලක් මිනුවන්ගොඩත් ඇතිකල යුතුයි යන්න. තාත්තත් එක්ක දේශපාලනය කරපු මම මහ ඇමති වෙලා ඉන්න කාලේ මේ පාසල පටන් ගත්තේ ඒ දර්ශණය මත පදනම් වෙලයි. පහුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තියක් තමයි ගමේ පාසල් සංවර්ධනය කිරීම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කොළඹට කිරි ගමට කැකිරි ප‍්‍රති පත්තිය වෙනුවට ගමේ පාසල් නගරයේ පාසල් මෙන් දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කලා. ඒ අනුව තමයි කොළඹ ආනන්ද නාලන්ද රාජකීය පාසල් වල තියන පහසුකම් අපේ ගමේ ගොඬේ පාසල් වලටත් ලැබුණේ. අපේ අරමුණ වුනේ රටේ අනාගතය ගොඩ නැගීම.

වර්ථමාණ ආණ්ඩුව බලයට පත් වෙන්න ඉස්සල්ලා පම්පෝරි ගැහුවා අධ්‍යාපනය සදහා 6‍% ක ප‍්‍රතිපාදන වෙන් කරනවා කියලා. පහුගිය අවුරුද්දේ අයවැයෙන් මේ ආණ්ඩුව අධ්‍යපනයට වෙන් කරපු මුදල රුපියල් බිලියන 185.9 යි. ඒත් පහුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු විසර්ජන පනත් කෙටුම්පතින් මෙවර අය වැයෙන් අධ්‍යාපනයට වෙන් කරලා තියන්නේ මිලියන 76.9 යි. මේක පහුගිය අයවැයට වඩා 41‍% ක කප්පාදුවක්. අධ්‍යාපනයට 6‍% ක් ඉල්ලලා කෑ මොර දුන්නු ඔය විද්වතුන් අද කෝ එදා මේ අය මහින්ද මහත්තයාගේ ආණ්ඩුව අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිළි දක්වන බවට චෝදනා කලා. අද මේ අය හොයා ගන්නවත් නෑ. ඒකාබද්ද විපක්‍ෂයේ අපි මේ අධ්‍යාපනයේ ප‍්‍රතිපාදන කැපිල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඒක දැඩි ලෙස හෙලා දකිනවා.

මේ ආණ්ඩුවට අධ්‍යාපනය පිළිබද ජාතික ප‍්‍රතිපත්තියක් නැහැ. අධ්‍යාපන ඇමතිවරයා හිතු මතේට වැඩ කරනවා. මම දැක්කා කියලා තියනවා මින් ඉදිරියට 5 වසර ශිෂ්‍යත්ව විශාගයෙන් සමත් සිසුන්ට ජනප‍්‍රිය පාසල් වලට ඇතුඵ වීමට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා මේ නිසා ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ දෙමාපියන්ගේ සිහිනය සුනු විසුනු වෙලා මේ ආණ්ඩුව සියලම ජනතාවගේ බලාපොරොත්තු බිද දැමූ ආණ්ඩුවක්.

අද මේ රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. පාසැලක ගොඩනැගිල්ලක් , රෝහලක ගොඩනැගිල්ලක්, හැදෙන්නේ නෑ. මෙවර අය-වැයෙනුත් ජනතාවට කිසිවක් ලැබෙන්නේ නෑ. අද රට සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයකට ලක්වෙලා ඉවරයි. යහපාලන නඩය බලයට පත්වුණේ මාස 60කින් අලූත් රටක් හදන බවට පම්පෝරි ගසමින්. ඒ මාස 60න් 15ක්ම මේ වෙනකොට ගෙවිලා ඉවරයි. යහපාලන නඬේ රටට කරපු කෙන් ගෙඩියක් නෑ. දවසින් දවස ජනතාවගේ තියෙන අයිතිවාසිකම් කප්පාදු කරනවා ඇරෙන්න.

මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දවසින් දවස කඩා වැටෙමින් තිබෙවනවා. ඊට වගකිවයුත්තේ වර්ථමාන අධ්‍යාපන ඇමතිවරයායි. අගමැතිවරයායි. ජනාධිපතිවරයාත් මේ තත්වයට වගකිවයුතුයි. ඔහුට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. මේ ආණ්ඩුව තව දුරටත් බලයේ හිටියොත් මේ රටේ නිදහස් අධ්‍යාපනය නැත්තටම නැති වෙනවා. ඒක ඒකාන්තයි.”




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7890906826706431108

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item