නැගෙනහිර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු 'කොටි හඬ' පවත්වාගෙන ගිය පාසාන පබ්බත විහාරයේ අයිතිය ඉල්ලති

කලක්‌ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණා මලය කොටි හඬ ගුවන්විදුලි සම්ප්‍රේෂණා ගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාසාන පබ්බත විහාරයේ අයිතිය ඉල්ලමින්...

කලක්‌ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණා මලය කොටි හඬ ගුවන්විදුලි සම්ප්‍රේෂණා ගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාසාන පබ්බත විහාරයේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දුට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළහ.

පළාත් සභා මන්ත්‍රී ඡේ. ජනාර්නන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ 1835 සිට මෙම ස්‌ථානයේ හින්දු කෝවිලක්‌ තිබූ බවයි.

නමුත් මෙම විහාරය පිළිබඳ ලියවුණ සෙල් ලිපියක්‌ද ඇති අතර එහි දේවස්‌ථානයක්‌ ගැන කිසිදු සටහනක්‌ නොමැත.

නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයා මෙම ස්‌ථානය දෙමළ මන්ත්‍රීවරුන් සමඟ නිරීක්‌ෂණය කළ අතර කෝවිලක සාධක එහි දක්‌නට නොමැති අතර ඉක්‌මණින් පුරාවිද්‍යා වාර්තාවක්‌ ලබා ගන්නා බවත් ආණ්‌ඩුකාරවරයා කීය.

මෙම විහාර භූමිය 2002 වන විටත් පැවැති අතර එහි කෝවිලක්‌ නොතිබූ බව එම ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජනතාවද පවසයි. නමුත් පසුකාලීනව හින්දු කෝවිලක්‌ විහාරය ආසන්නයේ ඉදිකර වන්දනා කළ බවත් ඔවුහු පවසති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8056548543694092321

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item