රාජිත කිව්වේ බොරුවක්!

ඊයේ (19) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ...

ඊයේ (19) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ අද පැවැති උත්සවයකට සහභාගි වූ හිටපු ජනපතිගෙන් මේ ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවේය.

ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් විතර යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ආ බවත්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

මෙම ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් විමසූ විට ඔහු පැවසුවේ කාර් එකට ටයර් 4ක් ගන්න, ගේ ඉල්ලලා ජනපති මෛත්‍රිපාල සිරිසේනට කතා කළ නමුත් එවැනි දෙයකට කිසිසේත් කතා නොකළ බවයි.

“රාජිත ඇමතිතුමා කියන දේවල් බොරුද කියලා ඇත්තද මේ රටේ ජනතාව මට වඩා හොඳින් දන්නවා“ හිටපු ජනපති පැවසීය.

තමන්ට විදේශ රටක ඇතැයි කියන අමෙරිකානු ඩොලර් බිලියන 18 සොයාගෙන ලෙඩ්ඩුන්ට සහනයක් දෙන ලෙසත්, වැට් ගසා ඔවුන් පීඩාවට පත්නොකරන ලෙසත් හිටපු ජනපති එහිදී වැඩිදුරටත් කියා සිටියේය.


රාජිත ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය පහතින්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6469226460938202378

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item