සභාගැබේ අලුත් මයික්‌ එළ හරකයි මීහරකයි වගේ - නි. කථානායක

සභා ගැබෙහි මන්ත්‍රීවරුන්ගේ මේස මත අලුතින් සවිකර තිබෙන මයික්‍රපෝන් එළහරකයි මී හරකයි වගේ යෑයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඊයේ (26 දා) ප...

සභා ගැබෙහි මන්ත්‍රීවරුන්ගේ මේස මත අලුතින් සවිකර තිබෙන මයික්‍රපෝන් එළහරකයි මී හරකයි වගේ යෑයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

කිසිම මන්ත්‍රීවරයෙක්‌ මේ මයික්‍රෆෝනවලට කැමති නෑ යෑයිද  පැවැසුවේය.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ සභාව ආරම්භයේදී මන්ත්‍රීවරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා නැඟී සිටිමින් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් කළ ප්‍රකාශය නිසාය. ඒ මයික්‍රෆෝන සම්පූර්ණයෙන්ම සුදු පැහැති බැවිනි.

අකිල විරාඡ් කාරියවසම් මහතා-

මේ ෆර්නිචර්ස්‌ කළු පාටයි. මේ මයික්‌ ඒ පාටට ගැලපෙන්නේ නැහැ.

නියෝජ්‍ය කථානායක-

කවුරුත් මේකට කැමති නෑ. එළහරකයි මී හරකයි වගේ. සවි කළාට පසුවයි මමත් දැක්‌කේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1238944841442956373

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item