නව ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ - මංගල සමරවීර

වත්මන් රජය විසින් සකස්‌ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බවට පත් වන බව විදේශ කටයුතු ඇමැති මංග...

වත්මන් රජය විසින් සකස්‌ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ශ්‍රී ලංකාව නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බවට පත් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර පැවසීය.

මෙම එක්‌සත් රාජ්‍යය තුළ ජාති, ආගම් වශයෙන් නොබෙදී සියලු දෙනාට එකට ජීවත් විය හැකි පරිසරයක්‌ ගොඩනඟන බව පැවසූ විදේශ ඇමැතිවරයා මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන බවද කීවේය.

ෆෙඩරල් රාජ්‍යයක්‌ ලෙස හඳුන්වන්නේත් නොබෙදුණු එක්‌සත් රාජ්‍යයක්‌ බව සඳහන් කළ විදේශ ඇමැතිවරයා 1997 වසරේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ගේ රජය යටතේ එවකට ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. එල්. පීරීස්‌ ඉදිරිපත් කළේත් ෆෙඩරල් රාජ්‍යයක්‌ සඳහා වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පතක්‌ බවද කීය.

ඇමැතිවරයා මෙම තොරතුරු පැවසූවේ පෙරේදා (25 වැනිදා) සවස විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2398847848613416863

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item