එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් රජයේ රැකියා වෙන් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් කාලයක් මුළුල්ලේ ඇප කැප වී ක්‍රියා කළ රට පුරා සිටින ඡන්ද පොළ නියෝජිතයන් 12,500 රැකබලා ගැනීම සඳහා ...

එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් කාලයක් මුළුල්ලේ ඇප කැප වී ක්‍රියා කළ රට පුරා සිටින ඡන්ද පොළ නියෝජිතයන් 12,500 රැකබලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ එම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතාගේ අධීක්ෂණය යටතේය.

රජයේ රැකියා ලබා දීමේ දී මේ ඡන්ද පොළ නියෝජිතයන් 12,500 සඳහා ප්‍රමුඛතාව ලබා දීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇත.

එමෙන්ම මේ වැඩපිළිවෙළ යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව සියලුම ආසන සංවිධායකවරුන්ගේ ද අවශ්‍යතා පිළිබඳ කරුණු සොයා බැලීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6950461847151313781

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item