ඌව පළාත් ආණ්ඩුකාරවරයා පළාතේ සංවර්ධන කටයුතු පිරික්සයි

ඉදිකිරීම් කටයුතු නැවතුන බදුල්ල දෙයියන්නේවෙල පාලමේ වැඩ ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහගේ අවධාරණයෙන් පසු නැවත ඇරඹීම ආණ්ඩුකාරවරයා...

ඉදිකිරීම් කටයුතු නැවතුන බදුල්ල දෙයියන්නේවෙල පාලමේ වැඩ ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහගේ අවධාරණයෙන් පසු නැවත ඇරඹීම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.

බදුල්ල දෙයියන්නේවෙල පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය පිළිබඳ දැනගත් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ එම ප්‍රමාදයට හේතු සොයා බලා ඉදිකිරීම් භාර ඉංජිනේරු නිලධාරියාට පාලමේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් පරිදි කඩිනමින් පාලමේ ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කරන ලදී.

ඒ පිළිබඳව නැවත නිරීක්ෂණය කිරීමට ගිය ආණ්ඩුකාරවරයා මහජනතාවගේ අපහසුතාවයන් වලක්වාගැනීමට තවදුරටත් පාලමේ ඉදිකිරීම් කටයුතු ඉක්මන්නින් නිම කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක හා ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1869124022893744862

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item