දුෂ්ට බලවේගයන් විවිධ වේශයන්ගෙන් එනවා. කරගෙන ආපු විදියටම වැඩ කරගෙන යන්න - අගමැතිගෙන් උපදෙස් !

මීට ස්වල්ප වේලාවකට ඉහතදී CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධා...

මීට ස්වල්ප වේලාවකට ඉහතදී CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට පවසා ඇත්තේ 'ඔබතුමන්ලා මෙතෙක් කරගෙන ආ පරීක්ෂණ හා විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යන ලෙස අගමැතිවරයා දැන්වූ' බවයි.

එහිදී අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට අවධාරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවේ සමගිය බිඳීමට ජාතිවාදී දුෂ්ට බලවේගයන් විවිධ වේශයන්ගෙන් ක්‍රියා කරන බැවින් එම බලවේගයන්ගේ ගොදුරක් නොවී තම රාජකාරි ඉදිරියටත් ස්වාධීනව හා අපක්ෂපාතීව සමාජය වෙනුවෙන් ඉටු කරන ලෙසයි.

එමෙන්ම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ලංකාවට පැමිණි පසු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පවතින අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවට අගමැති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8103647978281371717

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item