මහාධිකරණ විනිසුරුගේ පැමිණිල්ල පිළිබඳව අගවිනිසුරු සමඟ සාකච්ඡාවක්‌

සිය දුරකථනවලට අනවසරයෙන් සවන්දීම හා සිය විද්යුත් තැපෑලට අනිසි ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න විසින් ශ්‍රී ලංකා ...

සිය දුරකථනවලට අනවසරයෙන් සවන්දීම හා සිය විද්යුත් තැපෑලට අනිසි ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න විසින් ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමයට ලිතව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අගවිනිසුරු ශ්‍රී පවන් හමුවී ඔක්‌තෝබර් 10 වැනිදා සාකච්ඡා කිරීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.

මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න විසින් සංගමයට කරන ලද ලිත පැමිණිල්ල මගින් ඔහු විසින් අසන ලද භාරත ඝාතනයට අදාල නඩුව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සමහර මුද්‍රිත හා අන්තර්ජාල පුවත් මගින් ඔහුගේ චරිතයට හානිවන ආකාරයට අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් කරුණු දක්‌වා ඇති අතර එහි පිටපතක්‌ අගවිනිසුරු ශ්‍රීපවන් වෙතද යොමුකර ඇත.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න ඉදිරියේදී ගනු ලබන ඕනෑම ක්‍රියා මාර්ගයකට සහයෝගය ලබාදීමටද මහාධිකරණ විනිසුරු සංගමය එකඟතාව පළකර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1574578504787743182

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item