ආයතන ස්‌වාධීනයි නිලධාරීන් ස්‌වාධීන නෑ - ඇමැති මහින්ද අමරවීර

හොරකම් සහ මූල්‍ය වංචා ආදිය සෙවීමට ඇති ආයතන ස්‌වාධීන වුවද ඒවාට පත්ව ඇති නිලධාරීන් ස්‌වාධීනව කටයුතු කරන්නේ නැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්...

හොරකම් සහ මූල්‍ය වංචා ආදිය සෙවීමට ඇති ආයතන ස්‌වාධීන වුවද ඒවාට පත්ව ඇති නිලධාරීන් ස්‌වාධීනව කටයුතු කරන්නේ නැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර පවසනවා. 

එවැනි ස්‌වාධීන ආයතන සඳහා පත්වන නිලධාරීන් ස්‌වාධීනව කටයුතු කළ යුතු වුවද ඔවුන්ද සිය දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුකූලව කටයුතු කරන බවත් එබැවින් ඇතැම් අවස්‌ථාවන්හි ආණ්‌ඩුවට ද විවිධ ගැටලු ඇති වන බවත් හෙතෙම සඳහන් කළේය.

හොරකම් හෝ දූෂණ වංචා ආදිය සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වුවද එලෙස නොවීම පිළිබඳව දැඩි කනගාටුවක්‌ ජනාධිපතිවරයාට මෙන්ම තමන්ට ද තිබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

එබැවින් ඉදිරියේදී හෝ මෙවැනි ස්‌වාධීන රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් ද සැබැවින්ම ස්‌වාධීන ලෙස කටයුතු කරනු ඇතැයි යන්න තම අපේක්‌ෂාව බව ද මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4114552776481026720

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item