එකළොස් හැවරිදි දැරිය ගෙල වැළලාගෙන මරුට

මඩොල්සිම වැරුල්ලපත්න වත්තේ11 හැවිරිදි ගැහැනු ළමයෙක් ඔවුන් ජීවත්වන වතු නිවාසය පිටුපස ගසක ‍සාරියකින් ගෙල වැළදා ගෙන අභිරහස් ලෙස මියගොස් ඇතැ...

මඩොල්සිම වැරුල්ලපත්න වත්තේ11 හැවිරිදි ගැහැනු ළමයෙක් ඔවුන් ජීවත්වන වතු නිවාසය පිටුපස ගසක ‍සාරියකින් ගෙල වැළදා ගෙන අභිරහස් ලෙස මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

ගෙල වැලලී සිටිනු ඊයේ (2) සවස මුලින්ම දැක ඇත්තේ ඇගේ මැණියන් වන අතර මෙසේ මරණයට පත්ව ඇත්තේ මඩොල්සිම දෙමල විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු රාජරත්නම් නැන්සි නිලූශිකා නමැති දැරියක් බවත් පොලිසිය පවසයි.

ඇගේ පියා මැදපෙරදිග රටක රැකියාව කරන අතර මව ගුරුවරියක් බවද ඇයට 4 හැවිරිදි සහෝදරයෙක් සිටින බවත් සිද්ධිය සිදු වු අවස්ථාවේ ඇගේ මව දිය නෑමට ගොස් තිබු බවද විමර්ශන වලදි අනාවරණය වු බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නැති අතර මෙය සැක සහිත මරණයක් ලෙස සලකා විමර්ශන පවත්වන බවත් පශ්චාත් මරණ පරික්ෂණයකට මෘත දේහය යොමුකරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

බදුල්ල ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර හා සහකාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රත්නසිරි බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මඩොල්සිම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6173018313268791673

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item