රාවණා රජු ත්‍රස්තවාදියෙක් – ඉන්දීය අගමැති කියයි

රාවණා රජු ත්‍රස්තවාදියෙකු යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් කරන ලද ප‍්‍රකාශයට දැඩි විරෝධය දක්වන බව රාවණ ශක්ති ජාතික සංවිධානය පවසයි....

රාවණා රජු ත්‍රස්තවාදියෙකු යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් කරන ලද ප‍්‍රකාශයට දැඩි විරෝධය දක්වන බව රාවණ ශක්ති ජාතික සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානයේ ප‍්‍රධාන ලේකම් දුලීප සංජය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රාවන විරෝධි ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

ලක්නව් හිදී ඊයේ දුසේරා උත්සවය අමතමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ‘‘රාවනා ත්‍රස්තවාදියෙකු” ලෙස හඳුන්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව අපගේ දැඩි විරෝධය හා කනස්සල්ල පළකර සිටිමු. ඉන්දියානුවන් දුසේරා පවත්වමින් සිදුකරන්නේ ද ලංකාවේ බොහො දෙනෙක් විශ්වාස කරන්නාවු ඒවගේම මහත් සංවාදයකට ලක්ව ඇති ලංකේෂ්වර දසිස් රාවනයන් උත්සවාකාරයෙන් පුළුස්සා දැමීමය. ඒ පිළිබඳව අප පුදුම විය යුතු නැත. මන්ද යත් ක්‍රිකට් තරඟයකින් ඉන්දියානු පිළ පරාජය වු පසු එරට වැසියන් හැසිරෙන ආකාරය මුළු ලෝකයම හොඳින් දන්නා කරුණකි. ලංකානුවන් රාම, ලක්ෂ්මන හෝ හනුමන්තලා ගිනි තියන්නේ නැත. එලෙසම ක්‍රිකට් තරඟයක් අප කණ්ඩායම පැරදුනද එය විඳ දරාගැනීමට හැකි විනයකාමි උසස් මනසකින් යුත් ජන කොටසක් හෙළයන් වන බැවිනි. මෑත කාලයක සිට මහාරාවනා වාදයක් මුළු ලෝකය තුළ සංවාදයට බඳුන් වී ඇත. එහි ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ලංකාවයි. ඉතිහාසය හා පුරාවිද්‍යාව ගවේෂණය කරන ඒවගේම තාක්ෂණික අතින් බුද්ධිමත් තරුණ පිරිසක් මහා රාවනයන් වැළඳගෙන ඇත. එය විඳ දරාගැනීමට ඉන්දියානුවන්ට නොහැකි බව මෝදිගේ මේ හදිසි ප්‍රකාශය මගින් මනාව පැහැදිලි වේ. මෝදි මෙතරම් සාහසික ප්‍රකාශයක් සිදුකළේම නවීන සිංහල ජාතියේ නැගිටීම නිසා බව අපගේ හැඟිමයි. මෝදි දැඩි හින්දු භක්තිකයෙකු අප හොඳින් දනී. ශිව තාන්ඩවය රාවනාගේ රචනයක් බව හින්දුන්ම පිළිගනිමින් ශිව තාන්ඩව ස්ත්‍රෝත්‍රය ගායනා කරමින් ශිව වන්දනා කරමින් රාවනාගේ පිළිරු දැවීම කොතරම් හාස්‍ය ජනකද? මෙය එක් අතකින් බියඟුළු නිවට ක්‍රියාවකි. තවත් රටක රජෙකුගේ රුව හෝ ඒ රටේ සිතියම එම රජුට අයත් ඥාතීන් ප්‍රසිද්ධියේ ගිනිලෑම අද දියුණු යැයි සම්මත සමාජය කොතරම් සාධාරණීකරනය කරයිද? ඒ රටට කරන මහත් මදිපුංචිකමකි. ඉන්දියානුවන්ගේ උත්සාහය ලංකාව ඔවුන්ගේ ප්‍රාන්තයක් හා ඔවුන්ගේ දේශපාලන තීන්දුවලට නැටවෙන රූකඩ ආණ්ඩුවක් තැනීම බව ඔවුන්ගේ අතීත ක්‍රියාකාරම් දෙසබැලීමේ දී පෙනී යයි. එය අප හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසකි.

ලංකානුවන් ලෙස අප රාම හෝ ලක්ෂ්මන හනුමාන්ගේ පිළිරූ පුළුස්සා දමන්නට කටයුතු කළ හොත් කවර තත්ත්වයක් උදාවේවිද? මේ පිළිබඳව ඉන්දියානු රජය දෙවරක් සිතිය යුතුය. ලංකානුවන් ආදරය කරන ඵෙතිහාසික මහාරාවනයන්ගේ ප්‍රතිරූ ගිනිලෑම හා මෝදිගේ ප්‍රකාශ තුළින් හෙළයන්ගේ සිත් මහත් ලෙස වේදනාවකට පත්කර ඇත. රාමයාණයට අනුව රාවන රජතුමා පැරදුවයි කියන (අප එලෙස විශ්වාස නොකරමු) රාමයන්ට අත්වූ ඉරණම රාමායණයේම පෙන්වා දී ඇත. ඉන්දියානුවන්ගේ මේ ක්‍රියා තුළින් කිසිදාක රාවන වංශය විනාශ කළ නොහැකි බව අප අවධාරණය කර සිටිමු. මෙම සිද්ධිය සම්බන්ධව ඉන්දියානු රජයට හා මෝදී අග්‍රාමාත්‍යතුමාට අපගේ දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කර සිටිමු.

දුලිප් සංජය
ලේකම්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 880846109287597347

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item