එට්‌කා විරෝධී අත්පත්‍රිකා බෙදූ වෘත්තිකයන්ට එ.ජා.ප. ජාසේස ප්‍රහාරයක්‌

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්‌කා ගිවිසුමට එරෙහිව ඊයේ (31 දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදමින් සිට...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්‌කා ගිවිසුමට එරෙහිව ඊයේ (31 දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදමින් සිටි ඉංජිනේරුවන්, සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන්ට දුම්රිය ජාතික සේවක සංගමයේ පිරිසක්‌ විසින් බැණ තර්ජනය කරමින් පහරදී තිබේ.

දුම්රිය මගීන්ට අත්පත්‍රිකා දෙමින් සිටියදී එහි පැමිණි මැර පිරිසක්‌ "යකෝ තොපි කොහොමද කොළ බෙදල ආණ්‌ඩු පෙරළන්නේ? යෑයි අසමින් මෙම පහරදීම සිදුකළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌ "දිවයින"ට පැවැසීය.

මේ අවස්‌ථාවේ දුම්රිය මගීන් පිරිසක්‌ පැමිණ මැරයන්ට බැණ වදිමින් පහරදීමට එරෙහි වූ බවද හෙතෙම සඳහන් කළේය.

මෙම සිද්ධියෙන් පසු ඒ පිළිබඳ පැමිණිලි කිරීමට වෘත්තිකයන් පිරිසක්‌ කොටුව පොලිසියට ගොස්‌ ඇති අතර එහිදී මැර ප්‍රහාරයට ලක්‌වූ ඉංජිනේරුවරයකු සහ දුම්රිය මගියකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4614977801581945066

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item