ජනාධිපතිවරණය අත ළඟ - හිලරිගේ ඊමේල් පරීක්ෂණ නැවත කරලියට
ජනාධිපතිවරණය අත ළඟ තිබියදී FBI ප්‍රධානියා විසින් හිලරි ක්ලින්ටන් හා සබැඳි ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණ ඇරඹීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෙනට් මණ්...

https://www.sathhanda.com/2016/11/blog-post_9.html
නිලධාරීන් විසින් මැතිවණයකට බලපෑම් කිරීම වළකාලන නීති උල්ලංඝනය කිරීමක් FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේ විසින් සිදුකර ඇති බව හැරී රීඩ් අවධාරණය කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට සති දෙකකටත් අඩු කාලයක් තිබියදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හා සම්බන්ධ මෙම ඊමේල් පරීක්ෂණය කරළියට පැමිණීම විශේෂත්වයක් ගෙන තිබේ.
කෙසේ වෙතත්, ක්ලින්ටන්ගේ ප්‍රධාන සහායිකාවක වන හූමා අබෙයිඩීන්ගේ ඊමේල් ගිණිම්වල කෑෂ් මතකයන් පරීක්ෂා කිරීමේ වරෙන්තුවක්ද FBI ආයතනය විසින් ලබාගනිමින් මෙම පරීක්ෂණ ඉදිරියට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසි.
මෙම ඊමේල් ඇයගෙන් වෙන්ව සිටින ඇගේ ස්වාමියාගේ ලැප්ටොප් පරිගණකයේ තිබියදී සොයාගෙන ඇති අතර, එහිදී ඊමේල් පණිවුඩ 650,000ක් පමණ හමුවී ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ යම් දෙදරීමක් පවතින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
Related