ඇමෙරිකා ඕක්ලහෝමාවට භූ කම්පනයක් -අලාභානි රැසක්

ඇමෙරිකාවේ ඕක්ලහෝමා ප්‍රාන්තයේ, ඕක්ලහෝමා නගරය ආසන්නයේ රික්ටර් පරිමාණ 5.0 ක භූ කම්පනයක් ඇති වී තිබේ. ඕක්ලහෝමා නගරයට කිලෝමීටර් 80ක් පම...


ඇමෙරිකාවේ ඕක්ලහෝමා ප්‍රාන්තයේ, ඕක්ලහෝමා නගරය ආසන්නයේ රික්ටර් පරිමාණ 5.0 ක භූ කම්පනයක් ඇති වී තිබේ.

ඕක්ලහෝමා නගරයට කිලෝමීටර් 80ක් පමණ ඊසානදිගින් ඇති වූ මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට අලාභානි සිදුව, විදුලි බලය ඇණහිටීමක්ද පවතින බව විදෙස් වාර්තා පවසයි.

මෙම භූ කම්පනය මුලිම් 5.3 ක භූ කම්පනයක් ලෙස ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් වාර්තා කළත්, පසුව එය 5.0 ක භූ කම්පනයක් බව අනාවරණය කෙරිණි.

ගොඩනැගිලි කඩා වැටීම් හැරුණු විට භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි වාර්තා වීමක් මෙතෙක් සිදුව නොමැති අතර, මේ සමග ඇති වූ කම්පන තරංග අසල ප්‍රාන්ත කිහිපයකටම දැනී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 911857084955072524

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item