හක්මණ ව්‍යාපාරිකයෙකුව ඇසිඩ් ගසා පොලුවලින් පහර දී මරා දමලා!

මාතර හක්මණ කෝංගල, බලවේග හන්දිය ආසන්නයහි, මාතර හක්මණ ප්‍රධාණ පාරට මුහුනලා පිහිටි නිවසක අවුරුදු 50 ක පමණ වයස පිරිමි පුත්ගලයකු කිසියම් පිරිස...

මාතර හක්මණ කෝංගල, බලවේග හන්දිය ආසන්නයහි, මාතර හක්මණ ප්‍රධාණ පාරට මුහුනලා පිහිටි නිවසක අවුරුදු 50 ක පමණ වයස පිරිමි පුත්ගලයකු කිසියම් පිරිසක් විසින් පොලුවලින් ගසා, ඇසිඩ් ප්‍රහාරයකට ලක්කර ඝාතනය කර තිබේ. දරුවන් තුන්දෙනකු සහ තම බිරිය සමග තම නිවසේ ජීවත් වූ මේ පුද්ගලයා නමින් ''පල්ලිය ගුරුගේ සේපාල'' නම් ව්‍යාපාරිකයෙකි.

මිය ගිය තැනැත්තාගේ බිරිය පවසන ආකාරයට ඊයේ (23) අලුයම එකට පමණ යම් කිසිවකු නිවසට පැමින තිබේ. මියගිය ''සේපාල නැමැත්තා'' සමග කථාකර පසුව පහර දී පලාගොස් ඇත. නිදාසිටි තම බිරිද නැගිට්ටුවා පසුව ලේ පිරුණු මුහුණ සෝදා නැවත නිවස තුලට ගොස් නිදාගැනීමට උත්සාහ කර ඇත. නිවස තුලදී නැවත යම් පුද්ගලයෙකු මියගිය අයවෙත පොල්ලකින් පහරදී යම් ද්‍රව්‍යයක් මුහුණට වත්කර පලාගිය බව ඇය පවසන්නීය. ඒ වනවිට නිවසේ විදුලියද අක්‍රීය වී තිබුනු බවත් අදාල කාන්තාව කට උත්තරයේ සදහන්ය.

නමුත් මේ මොහොත වනතුරු පොලීසිය විසින් සිදුකරනලද ස්ථානීය පරික්ෂණ අනුව ඔහුගේ බිරිදගේ සහ නිවැසියන්ගෙන් ගත් කට උත්තර සහ ස්ථානීය හෝඩුවාවල් වල යම් පරස්පර ඇතිබව පැවසේ.

මිණීමැරුමට යොදාගත් පොලු හා සමාන ලී පොලු කිහිපයක් නිවසේ ලී ගබඩාවක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මේ අතර මියගිය අය තම නැගෙනිය වෙත කිහිපවරක්ම පවසා ඇත්තේ කුමණ හෝ දිනක තම බිරිද විසින් තමන් ඝාතනය වනබවකි. ඇය මාධ්‍යය වෙතද මේ බව සදහන් කළාය. අවට වාසය කරන පිරිස් පවසනුවේ නිරන්තරවම මෙම නිවස තුල ගැටුම් හටගන්නා බවත් ,වෙනදා මෙන ඊයේ දිනද සුපුරුදු පරිදිම ගෙදර තුල ගැටුමක් හටගත් බවත්ය.

පස්වරුවේ දෙයියන්දර වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කෙරිණ.

සිරුර මරණ පරික්ෂණ කටයුතු සදහා මාතර මූලික රෝහල වෙත යොමු කෙරිනි. 

-ඉදුනිල් කැලුම් ජයවීර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5127176478311699693

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item