මට කෝටියක මුදලක් ලැබුණු බව සත්‍යයක් - සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මන්ත්‍රීවරයෙකුට විශේෂ වරප්‍රසාද තිබෙනවා

ජනාධිපතිවරයා තීරණය කරන්නේනම් සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද ජනාධිපති අරමුදලෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් ලබාදීමට හැකියාව පවතින බව සම කැබිනට් ප්...

ජනාධිපතිවරයා තීරණය කරන්නේනම් සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද ජනාධිපති අරමුදලෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් ලබාදීමට හැකියාව පවතින බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

තමාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් කෝටියක මුදලක් ලැබුණු බව සත්‍යයක් බවත්, තමාට පමණක් නොව ජනාධිපති අරමුදලෙන් කෝටියක මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාටද එකල ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (23දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අතර සාමාන්‍ය පුද්ගලයෙකුට තදබල අසනීපයක් සෑදුණු විටකදී වුව ජනාධිපති අරමුදලෙන් ලබාදෙන්නේ ලක්ෂ දෙකක පමණ මුදලක් වුවත්, රාජිත අමාත්‍යවරයා රොගාතුර වූ අවස්ථාවේදී කෝටියක මුදලක් ලබාදුන් බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියෙකු විමසූ අතර, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් නොව මන්ත්‍රීවරයෙකුට විශේෂ වරප්‍රසාද පවතින බැවින් එවැනි මුදලක් ජනාධිපති අරමුදලෙන් ලැබීම ප්‍රශ්නයක් නොවන බව අමාත්‍යවරයා පැවසීය. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1865194482479756348

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item