අයවැයෙන් පසු වාහන ලීසිං කරන නව වටිනාකම මෙන්න

2017 අයවැය යෝජනා මගින් ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ ජීප් සඳහා ලීසිං පහසුකම් ලබාගැනීම දැඩිව සීමා කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම වාහන මිලදී ...

2017 අයවැය යෝජනා මගින් ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ ජීප් සඳහා ලීසිං පහසුකම් ලබාගැනීම දැඩිව සීමා කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම වාහන මිලදී ගැනීම සීඝ්‍ර ලෙස අඩුවීමටත්, එය ලීසිං ක්ෂේත්‍රයේ බලවත් කඩා වැටීමකටත් හේතු විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෝටර් වාහනයක් කල්බදු ක්‍රමයට (ලීසිං) මිලදී ගැනීමේදී ඒ සඳහා මෙතෙක් ලබාදුන් ණය තක්සේරු වටිනාකම් අතර අනුපාතය වෙනස් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව, තක්සේරු වටිනාකමින් මෙතෙක් ලබාදුන් ණය වටිනාකම වූ 70% ක අගය ඉදිරියේදී වෙනස්වීමට නියමිතය.

2017 අයවැය යෝජනා අනුව ත්‍රිරෝද රථ සඳහා ණය - තක්සේරු අනුපාතය 25%කි. එමෙන්ම, කාර්, වෑන් හා ජීප් රථ සඳහා 50%ක් වන අතර, වාණිජ වාහන (ලොරි හා බර වාහන) සඳහා එය 90%ක් කර තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබා ගන්නේ නම් ඒ සඳහා සිදු කරනු ලබන තක්සේරු වටිනාකමෙන් ණය ලබාදෙන්නේ සියයට 25ක ප්‍රමාණයකි.

ඒ අනුව ඔබ රුපියල් ලක්ෂ 20ක තක්සේරු වටිනාකමකින් යුතු මෝටර් රථයක් මිලදී නම් ඒ සඳහා ලීසිං ඔබට ලීසිං පහසුකම් ලෙස ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10 මුදලකි. ඉතිරි රුපියල් ලක්ෂ 10 මුදල ඔබට පෞද්ගලිකව යෙදවීමට සිදුවෙයි. ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ණය තක්සේරු අනුපාතය සියයට 25ක් කිරීමෙන් ත්‍රිරෝද රථ මිලදී ගැනීම තවදුරටත් අධෛර්යමත් කිරීමට රජය කටයුතු කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7271652454106528718

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item