දැයක් හඬවමින් මහා ගාන්ධර්වයාණෝ අද දැයෙන් සමුගනිති

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද සිදුකෙරෙනවා. ඒ, කොළඹ නිදහස් චතුරශ...

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද සිදුකෙරෙනවා. ඒ, කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයි.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා දින 7ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිඛෙනවා. කොළඹ නගර සීමාවේ සියලූ සුරාසැල්, මාංශ අලෙවිසැල් සහ සිනමා ශාලා අද වසා තැබිය යුතු බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.

අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙන ආ අවස්ථාවේ සිටම බොහෝ පිරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිනවා. අවමංගල්‍ය උත්සවය සඳහා ද විශාල සංඛ්‍යාත පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ද ක්‍රියාවට නැංවෙනවා.

අභාවප්‍රාප්ත ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අද පස්වරු 3.00 දක්වා අවස්ථාව ලබා දී තිඛෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5492850969168643910

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item