අනන්‍යතා පත්‍රයේ සිංහල අකුරු නැතිලු

යාපනය ප්‍රදේශයේ පදිංචි සිංහල ජනතාව සඳහා නිකුත් කළ අනන්‍යතා පත්‍රයේ කිසිම තැනක සිංහල වචනයක් හෝ සඳහන් නොවන බව රට වෙනුවෙන් අපි ජාතික සංවිධාන එ...

යාපනය ප්‍රදේශයේ පදිංචි සිංහල ජනතාව සඳහා නිකුත් කළ අනන්‍යතා පත්‍රයේ කිසිම තැනක සිංහල වචනයක් හෝ සඳහන් නොවන බව රට වෙනුවෙන් අපි ජාතික සංවිධාන එකමුතුව අද (28දා) සඳහන් කළේය.

කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ යාපනය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මෙම අනන්‍යතා පත්‍රය දෙමළ භාෂාවෙන් පමණක් මුද්‍රණය කර තිබෙන බවයි.

එසේම ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානාවල ගමන්කරන මගීන් සඳහා නිකුත් කරන ආහාර මෙනුපතේ සියලු ආහාර හලාල් කර ඇතැයි සඳහන් වන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා සිංහල බෞද්ධ සංවිධාන 33 ක් එකතුවී සිටින බවත්,ඔවුන් සමග සමග එකතුවී ජනවාරි මාසයේ සිට ලංකාව පුරා රැස්වීම් මාලාවක් පවත්වන බවත්සද්ධාතිස්ස හිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,කලාකරුවන්,නීතිඥවරුන්,වෛද්‍යවරුන් සංවිධානය වී මෙම වැඩපිළිවෙළට සහාය ලබාදෙන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3787853086443469646

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item