“ආවා” කල්ලිය ගැන ආරක්ෂක රාජ්‍ය ඇමති කතා කරයි
උතුරේ කි‍්‍රයාත්මක “ආවා“ කල්ලිය සමග දේශපාලන හා හමුදාමය සම්බන්ධතාවක් ඇති බවට ඇතිමුන් ගෙන යන ප්‍රරකාශ ප්‍රතික්‍ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්...

https://www.sathhanda.com/2016/11/blog-post_89.html
දශක 3ක කාලයක් පුරා පැවති ත‍්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව රට තුළ කිසිදු සංවිධානයකට හෝ පුද්ගලයෙකුට සාමයට බාධා කිරීමට හෝ නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එම කණ්ඩායමේ සාමාජිකයන් මේ වන විට ආරක්ෂක අංශ මඟින් හඳුනාගෙන ඇති බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ ඔවුන් කෙටිකාලයක් තුළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා උපරිම දඩුවම් ලබාදෙන බවයි.
ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් නිදහස හා රට ආරක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය .
බියගම ගෝනවල කැලණිතිස්ස මහා විද්‍යාලයේ අද (05) පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මේ බව කියා සිටියේය.
Related