ආබාධිත විරුවන් පස්වන දිනටත් උපවාසයේ

යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව පස්වන දිනටත් අද(04) ක්‍රියාත්මක කර තිබේ. සේ...

යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව පස්වන දිනටත් අද(04) ක්‍රියාත්මක කර තිබේ.

සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තමන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 31 වනදා සිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයේ නිරතව සිටියි.

ඊයේ(03) දිනයේ සිට විරෝධතාවට සමගාමීව මාරාන්තික උපවාසයක් ද ඔවුන් ආරම්භ කළේය.

රජයේ කිසිඳු බලධාරියෙකු තම ගැටළුව පිළිබද සොයා බැලීමට නොපැමිණි බව‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යූ.බී වසන්ත මහතා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6100046109806306843

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item