ඊ සිගරට් ගෙන ඒමට අවසර නොදේ

මෙරටට ඊ-සිගරට් (ඉලෙක්ට්‍රික්) ගෙන ඒම සඳහා එක්තරා පෞද්ගලික සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්...

මෙරටට ඊ-සිගරට් (ඉලෙක්ට්‍රික්) ගෙන ඒම සඳහා එක්තරා පෞද්ගලික සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රතික්‍ෂේප කර තිබේ.

සිගරට් භාවිතය අවම කරවීම සඳහා එහි මිල ඉහළ දැමීමට රජය විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරන අතර සිගරට් වලට ඇබ්බැහි වූවන් විකල්ප දුම්පානයන් සඳහා යොමුවෙමින් පැවැතීම මෙම ඊ-සිගරට් මෙරටට ගෙන ඒමට කටයුතු කිරීම එක් පියවරක් විය හැකි යැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම සිගරට් සඳහා යොදා ඇති රසකාරක සිරුරට සහ පෙණහලුවලට අහිතකර බැවින් මෙම තීරණය ගෙන නැත.
මෙම සිගරට් මෙරටට ගෙන ඒම වළක්වාලීම සඳහා රේගුව හා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද හෙතෙම පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5754778439911446379

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item