තමන් ලංකාවේ මුදල් අමාත්‍යවරයා මිස චීනයේ මුදල් අමාත්‍යවරයා නොවේ - චීන තානාපති යහපලානේ රෙදි ගැලවීමට රවිට තරහ යයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂැන්ග් ලින්ග් තමන් සම්බන්ධයෙන් ඊයේ (02) කළ ප‍්‍රකාශයකට මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (03) ප‍්‍රතිචාර දැක්වුව...

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂැන්ග් ලින්ග් තමන් සම්බන්ධයෙන් ඊයේ (02) කළ ප‍්‍රකාශයකට මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (03) ප‍්‍රතිචාර දැක්වුවා.

චීන තානාපතිවරයා කියා තිබුණේ චීනය ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇත්තේ වැඩි පොලියට බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක කරන ප‍්‍රකාශ හෙලාදකින බවයි.

මීට ප‍්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා මිස චීනයේ මුදල් අමාත්‍යවරයා නොවන බවයි.

එ් නිසා තමන් කටයුතු කරන්නේ ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතා අනුව බවද ඔහු පැවසුවා.

එහිදී “චීන තානාපති අපේ හොඳ මිත්‍රයෙක්. එහෙත් ඒ කරපු ප්‍රකාශය වැරදියි. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජයිකා ආයතනය වැනි තැන් වලින් සියයට 2 කට වඩා අඩුවට ණය අරං තියෙනවා.” යනුවෙන් පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4751974657820854098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item