බැඳුම්කර සිද්ධිය අධිකරණයට - ජනාධිපති

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාත පරීක්ෂණයක් කර තීන්දුවක් දීම සඳහා අධිකරණයට යොමු කරන බව ජනාධිපති...

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාත පරීක්ෂණයක් කර තීන්දුවක් දීම සඳහා අධිකරණයට යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින් ජනාධිපතිවරයා මහරගම දී අද ප්‍රකාශ කළේය.

‘‘මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ හිටපු ආණ්ඩුවෙන් එළියට ආවේ පක්ෂය අත්හරින්නේ නැතිව. ඒ ඇවිල්ලා ආණ්ඩුවක් ඇදුවේ සියලු දෙනා ඒකරාශීකරගෙන වැරදි කළ කොටසකට දඬුවම් දෙන්නත් තව කොටසකට වැරදි කරන්න ඉඩ දෙන්නත් නොවේ. එය මගේ ප්‍රතිපත්තියයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව මම මගේ ප්‍රතිපත්තිය, තීන්දුව අද ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තත්ත්වයත් එක්ක ඒ නීති රීතිවලට ගරු කරමින් කෝප් කමිටු වාර්තාව කටයුතු කර තිබෙනවා.

ඒ වාර්තාව ගැන නොයෙක් මත දේශපාලනඥයන් පළ කරනවා. කෝප් වාර්තාව ගැන නොයෙක් වාදවිවාද තියෙනවා. පක්ෂ වශයෙන් බෙදිලා ඉන්නවා. කට්ටියක් එය හරි කියනවා. තව කට්ටියක් වැරදි කියනවා.

මේක දේශපාලඥයන්ට විසඳන්න පුළුවන් කාරණයක් නොවෙයි. එනිසා සියලුම දේශපාලනඥයන් මේ ප්‍රශ්නයෙන් ඉවත් විය යුතුයි.

අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න මේක අධිකරණයට යොමු කරනවා..'' යයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2618211162623384712

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item