මාධ්‍යට අධිකරණ ඇමතිගෙන් අනතුරු අැඟවීමක් - ලංකා ඊ නිව්ස් පතුරු ගසයි(VIDEO)
ජාතික ආරක්ෂාවට, නීතියේ ආධිපත්‍යයට හානි කිරීමට හෝ අගෞරව කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත් මාධ්‍ය අයිතිය වල්බූරු නිදහසක් බවට පත්කරගත් ...

https://www.sathhanda.com/2016/11/video_20.html
අමාත්‍යවරයා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
අධිකරණයට අගෞරව කළ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කළ ඇතැම් වෙබ් අඩවිවලට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර දඬුවම් ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.
පවුම් 100ක් ගිණුමට දමන්න යැයි කියමින් දැන්වීම් දමා ප‍්‍රවෘත්ති පළ කරන පුද්ගලයන් මාධ්‍යවේදීන් නොව පුලන්නන් යැයි පැවසූ අමාත්‍යවරයා, එවන් පුද්ගලයින් ලන්ඩනයේ නොව ලොව කොහේ සිටියත් දඬුවම් ලබාදෙන බව අවධාරණය කළේය.
අදාළ වෙබ් අඩවිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියාවලට එරෙහිව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ලෝකයටම පිළිගත හැකි පරිදි ස්වාධීන අධිකරණ පද්ධතියක් රට තුළ ක‍්‍රියාත්මක වන මොහොතේ අධිකරණයේ ස්වාධීනත්වයට හා විනිශ්චයකාරවරුන්ට අගෞරව කරන ආකාරයේ සිද්ධීන් 70ක් වාර්තා වන බව ද සඳහන් කළේය.
Related