සුමන්තිරන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි
ජූරි සභාවේ සියලු දෙනා සිංහල වීම පදනම් කරගනිමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්...

https://www.sathhanda.com/2016/12/blog-post_610.html
ජූරි සභාවේ සියලු දෙනා සිංහල වීම පදනම් කරගනිමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගත නොහැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කළ ප්‍රකාශය ජාතිවාදය ඇවිස්සීමේ උත්සහයක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ උදය ගම්මන්පිල පවසයි.
එහෙයින් ජාතිවාදය ඇවිස්සවූ බවට චෝදනා කරමින් එදා තිස්ස අත්තනායක මහතාට ඇප ලබා නොදුන්නේ නම් අද ඊට වඩා තදින් සුමන්තිරන් මන්ත්‍රීවරයාට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඔහු අවධාරණය කර සිටියි.
නාවික හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු ඇතුළු 5 දෙනෙකු මෙම නඩුවේ චූදිතයින් ලෙස නම් කර සිටි අතර ඔවුන් සියලු දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගියදා නියෝග කළේය.
එම තීන්දුවට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදහස් දැක්වූ ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පැවසුවේ, අධිකරණයේ භාෂාව කුමක් විය යුතුදැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවයි.
උතුරු නැගෙනහිර දෙමළ භාෂාවත් අනෙත් පැතිවල සිංහල භාෂාවත් යනුවෙන් පැහැදිළිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති බව ඔහු කියා සිටියේය.
උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ නිතීඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසුවේ, නඩුවක් විභාග වන අවස්ථාවේ නොව තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය විවේචනය කිරීමට පුද්ගලයෙකුට අයිතියක් තිබෙන බවයි.
කෙසේවුවද හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට චෝදනා ලද නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සියලුදෙනා නොදොස් කොට නිදහස් කර යැවීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිලිබඳ විශ්වාසය බිඳ වැටීමටත්, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විභාගයක් වෙනුවෙන් කෙරෙන ඉල්ලීම යුක්ති සහගත වීමටත් හේතු වනු ඇති බවට රජය තුලින්ම බිය පලවෙමින් පවතී.
ඉකුත් සතියේ දුන් නඩු තීන්දුවෙන් තමන් ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් කිහිප පලක්ම කලකිරීමට පත්ව සිටින බව ප්‍රකාශ කළ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ, රටේ නීති පද්ධතිය පිළිබඳව විශ්වාසය තබන ලෙස අධිකරණ අමාත්‍යවරයා කොපමණ ඉල්ලා සිටියත්, තවදුරටත් එසේ කළ නොහැකි බවයි.
Related