වසර අවසාන වනවිට ඩොලරය 161 දකවා යන බවට පුරෝකතන - භාණ්ඩවල මිල ඉහල යාමක්

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවල මිල ඉදිරියේදී සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා...


ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවල මිල ඉදිරියේදී සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රුපියල කෘති‍්‍රම ලෙස රැක ගැනීම සඳහා ඩොලර් අලෙවි කිරීම හේතුවෙන් විදේශ සංචිතද අඩුවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය අවසානයේදී ඩොලරයේ අගය පැවතියේ රුපියල් 131ක් ලෙස බවයි මන්තී‍්‍රවරයා සිහිපත් කළේ.

ඒ වන විට ශී‍්‍ර ලංකාව සතුව අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක ජාත්‍යන්තර සංචිතයක් තිබූ බවත් එය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා අඩු වී ඇති බවත්, ඔහු සඳහන් කළා.

මේ වන විට රට තුළ දැවැන්ත මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6193798666143130779

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item