මෛත්‍රී අනාගත් ‘නිල්වලා’ මෙගාඞීල් සියල්ල මෙන්න - යහපාලන තවත් අනාගැනීමක්
නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් ගාල්ලේ දි කල ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදල් අතුරුදහන...

https://www.sathhanda.com/2016/12/nilwala-project-doubts-president.html
නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් ගාල්ලේ දි කල ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදල් අතුරුදහන් වී ඇති බවක් හැඟව්මට හේතුවෙන් FCID ය මේ වනවිටත විමර්ශන ආරම්භ කොට ඇත.
2016/07/07 දින වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවෙන් මේ ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා ලෙහෙසියෙන්ම කාගේ නොසැලකිල්ල නිසා මේසා විශාල මුදලක් වැඩකට නොගෙන මෙතෙක් අතහැර දමා තිබේද ? ඒ කුමන කරුණ නිසාද පැහැදිලි කර ගත හැකිය.
ඉහත මුදල් නිකුත් කිරීමට ප්‍රථම එනම් 2014/04/31 දින කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගිවිසුම නීති පති වෙත යොමු කොට ඒ සඳහා එකඟතාවය ලබා ගත් බව කැබිනට් පත්‍රිකාවේ 2 වෙනි පිටුවේ 3 වන ඡේදයේ පැහැදිලිව සඳහන් වේ.
එමෙන්ම 2 පිටේ 4 වන ඡේදයේ සඳහන් වන්නේ එම සමාගමට අත්තිකාරම් මුදලේ මූලික 5% සඳහා ඇ ඩොලර් 29,989,000 ක් එනම් රුපියල් මිලියන 450 ක් පමණ 2015 ජනවාරි 7 වෙනිදා අමතර ගෙවිමට අනුමැතියය.
එම ඡේදයේ තවදුරත් සඳහන් කොට ඇත්තේ “අත්තිකාරම් මුදලේ මූලික 5% ගෙවීම් කොන්ත්‍රාත්කරු හට සම්පූර්ණයෙන් ගෙවා නොතිබු හේතුවෙන් සහ එවකට සිදු වූ දේශපාලන වෙනස්කම්ද හේතු පාදක කරගනිමින් ව්‍යාප්තියේ කාර්යයන් ඉදිරියට කරගෙන යාම සඳහා සේවායෝජකයා විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත උපදෙස් ලබා දි නැත.” යන්නයි.
Related