මගේ පුතා පිටරට ගෙන ගොස්‌ සුවකර දෙන්න චම්පිකගේ රියේ ගැටුණු තරුණයාගේ පියාගෙන් ඉල්ලීමක්‌

තම පුතාට තවමත් ඇවිද ගන්න බැරි නිසා ඔහු පිටරට රෝහලකට හෝ රැගෙනගොස්‌ සුවය ලබා ගැනීමට සහාය දක්‌වන ලෙස චම්පික රණවක ඇමැතිවරයාගේ ජීප් රියේ ගැටී ...

තම පුතාට තවමත් ඇවිද ගන්න බැරි නිසා ඔහු පිටරට රෝහලකට හෝ රැගෙනගොස්‌ සුවය ලබා ගැනීමට සහාය දක්‌වන ලෙස චම්පික රණවක ඇමැතිවරයාගේ ජීප් රියේ ගැටී තුවාල ලබා සිටින සන්දීප සම්පත් තරුණයාගේ පියා වන දයානන්ද ගුණවර්ධන  ඊයේ (30 වැනිදා) පැවැසීය.

2016 වසරේ පෙබරවාරි 28 දා රාත්‍රියේ රාජගිරියේදී සන්දීප සම්පත් තරුණයා පැදවූ යතුරු පැදිය ඇමැතිවරයාට අයත් ජීප් රියේ ගැටීම නිසා මෙම අනතුර සිදු වී තිබිණි.

පුරා වසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ගිලන්ව සිටින සන්දීප සම්පත් තරුණයා රාගම පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇත. දයානන්ද ගුණවර්ධන මෙසේද කීවේය.

පුතාට වෙද හෙදකම් කරලා දැන් අපේ මුළු සේසතම ඉවරයි. දරුවාගේ සුවදුක්‌ බැලීමට ඔහුගේ යාළුවෝ නිතරම එනවා. ඒත් මේ වනතෙක්‌ කිසිම දේශපාලනඥයෙක්‌ දරුවා බලන්න ආවේ නැහැ.

දරුවාට ඇප උපස්‌ථාන කරන්නේ මමයි. දැන් දරුවට සිංහල වෙදකම් පවා කරනවා. ඒ අතර සැත්කමක්‌ කරන්නත් ඕනෑ. දරුවා පිටරට ගෙනිහිල්ලා හොඳ කරගන්න පුළුවන්නම් කවුරු හරි සහයෝගයක්‌ දුන්නොත් ලොකු දෙයක්‌. මෙම අනතුර සිදුවෙලා දැන් අවුරුද්දක්‌ කිට්‌ටු වෙන්න එනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4953616979377771947

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item