සල්ලි නෑ කියා ව්‍යාපෘතිය නවතා චීන සමාගම යන්න යයි

මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අවසන් සේවකයන් 150 දෙනා අද (28) ඉවත් කළ බව චීන කොන්ත්‍රාත් සමාගම පවසනවා. මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 8...

මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අවසන් සේවකයන් 150 දෙනා අද (28) ඉවත් කළ බව චීන කොන්ත්‍රාත් සමාගම පවසනවා.

මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 8 ක් ඇතින් කළුගඟ ජලාශය ඉදි කෙරෙනවා. 45% ක් පමණ වැඩ අවසන් කර ඇති මෙහි කිසිඳු දැනුම් දීමකින් තොරව තමන් ඉවත් කළ බවයි සේවකයෝ පවසන්නේ.

මෙම වැඩ බිමේ 600ක් පමණ සේවකයෝ වැඩ කළ අතර ඉන් වැඩි දෙනා චීන ජාතිකයන්. සේවකයකුට රුපියල් 1000ක පමණ දෛනික පඩියක් ලැබු බවයි ඔවුන් කියා සිටියේ. අද වැඩ අහිමි වූ වැඩි දෙනා ශ්‍රී ලාංකිකයන්.

ඔවුන් චීන සමාගමේ කොන්ත්‍රාත් කාර්යාලය අසල මහා වැස්සේ උද්ඝෝෂණයක් ද සිදු කළ අතර පසුව පොලිසිය විසින් පිරිස විසුරුවා හැරියා.

චීන කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු පැවසුයේ මුදල් නැති නිසා සේවකයින් ඉවත් කර තාවකාලිකව වැඩ නතර කළ බවයි.

කෙසේවෙතත් මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති කළමණාකරණ ඉංජිනේරු ආර්.බී තෙන්නකෝන් පැවසුවේ සේවකයින් ඉවත් නොකළ බවයි. කොන්ත්‍රාත් සමාගමේ කළමණාකරණයේ වෙනසක් කළ බවත් කළු ගඟ ජලාශයේ වැඩ කඩිනමින් අවසන් කර 2017 දී විවෘත කරන බවත් ඔහු කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3154449760516436292

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item